සුඛෝපභෝගී විදුලි උපකරණ ආනයන සීමා කතාව බොරුවක්…!

July 4, 2021 at 2:26 pm | by emanisa.lk

සුඛෝපභෝගී සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක ආනයනය සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල පළවන මාධ්‍ය වාර්තාවල පදනමක් නොමැති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ, සුවඳ විලවුන් හා අලේපන ආදී භාණ්ඩ ගණනාවක ආනයනය අත්හිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව එම වාර්තාවල සඳහන් විය.

මෙරට විනිමය සංචිතය ශක්තිමත් වීමෙන් අනතුරුව එම සීමා ලිහිල් කිරීමට කටයුතු කෙරෙණු ඇති බවද එහිදී වාර්තා වී තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *