සීෂෙල්ස් පිරිස ලංකාවට නව ආර්ථික උල්පතක්! එය මෙතෙක් පැවතියේ ඉන්දියාව අතයි! – වෛද්‍ය රංග වීරක්කොඩි

May 26, 2020 at 2:09 pm | by emanisa.lk

වෛද්‍ය රංග වීරක්කොඩි තැබූ ෆේස්බුක් සටහනකි.

සීෂෙලස්වලින් රෝගීන් 35 දෙනෙක් මෙරටට පැමිණීම සමග ඇතැම් කණ්ඩායම් කහඹිලියා ගා ගෙන නටන්නට පටන් ගෙන ඇත.

මේ ගැන දීර්ඝ විස්තරයක් කිරීම අනවශ්‍ය නිසා කරුණු කිහිපයක් ලියා තබමි.

1. සීෂෙලස් සහ මාල දිවයිනේ සිට ලංකාවට සෞඛ්‍ය සංචාරකයන් (medical tourists) පැමිණෙන්නේ අවුරුදු විස්සකටත් වැඩි කලක සිටය.

2. මේ පැමිණෙන්නේ කොරෝනා නොමැති රෝගීන්ය. ඔවුන් පැමිණෙන්නේ ඇන්ජියෝග්‍රෑම්, ඇන්ජියෝප්ලාස්ටි, සහ උපතේ සිට එන හෘද විකෘතිතා සඳහා ක‍රන සැත්කම්වලටය.

3. සීෂෙලස්වල මැයි 11න් පසු රෝගීන් වාර්තා වී නැත. ඔවුන්ගේ PCR පරීක්ෂණ සීෂෙල්ස් හීදී සිදු කර ඇත. නමුත් වැඩි දුර ආරක්ෂාව උදෙසා දවස් 14ක නිරෝධායනයකට ඔවුන් යටත් කරනු ලබයි.

4. ඔවුන් මෙහි පැමිණෙන්නේ ඔවුන්ගේම මුදලින් ජෙට් යානයක් කුලියට ගැනීමෙනි. එමතු නොව, සිදු කරන සියලුම ප්‍රතිකාර සහ නිරෝධායනය සඳහා සීෂෙල්ස් රජය මුදල් ගෙවයි.

5. කලාපයේ සෞඛ්‍ය‍ සංචරනය (medical tourism) සඳහා මෙතෙක් කල් නම් දරා සිටියේ ඉන්දියාවයි. නමුත් ඉන්දියාව කෝවිඩ් කාල බෝම්බයක් වීම සමග, ලංකාවට එම ව්‍යාපාරය සතු කර ගැනීමේ මහඟු අවස්ථාවක් ලැබී ඇත.

ආර්ථිකය හොම්බෙන් යවා ඒ උඩට කෝවිඩ් වැටුණු ලංකාවට හුණු සාල් සුඟත් අතහැරිය හැකි තත්ත්වයක් නැත.

6. මේ බව දන්නා නිසාදෝ මේ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට අපත පිරිසකට අවශ්‍ය බවක් දැනට සිදුවන කථාවලින් පෙනී යයි.

වෛද්‍ය රංග වීරක්කොඩි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස