සීමා අවම කර භාණ්ඩ ආනයනයට සහන දෙන්නැයි මහ බැංකු අධිපතිට උපදෙස්…!

September 29, 2021 at 5:09 pm | by emanisa.lk

අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (29) මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට උපදෙස් දුන්නේය.

අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණවලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් දුන්නේය.

මේ අනුව මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊට අදාළ විසඳුම් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ආනයන සීමා නිසා මේ වන විට ඇතැම් භාණ්ඩ හිඟවීම නිසා මිල ඉහළ ගොස් ජනතාව අපහසුතාවට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *