සීනි හැංගූ කූඨ වෙළෙඳ කල්ලිය අනාථයි…! සියලු සීනි තොග රාජ සන්තක කරයි…!

September 1, 2021 at 5:28 pm | by emanisa.lk

පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට මුද්‍රා තබා තිබෙන බලපත්‍ර ඇති සහ බලපත්‍ර නැති ගබඩාවල ඇති සියලු ම සීනි තොග රාජසන්තක කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල පවසයි.

අද (01) පෙරවරුවේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවැසීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට මුද්‍රා තබා ඇති සීනි මෙට්‍රික්ටොන් 30,000 කට ආසන්න ප්‍රමාණය සතොස හරහා දීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කරයි.

සීනි තොග සඟවා ඇති ගබඩා වැටලීම තව දුරටත් ක්‍රියාත්මක කරන බව ද ශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස