සීනි මිල වැඩි කළ එවුන්ට කහට කෝප්පයක් බොන ජනතාව හෙණ ඉල්ලනවා…! – පොහොට්ටු මන්ත්‍රී….

August 30, 2021 at 7:13 am | by emanisa.lk

සීනි වංචාවට සම්බන්ධ වූ පුද්ගලයන්ට රටේ ජනතාව හෙණ ඉල්ලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදීය.

සීනි වංචාවට සම්බන්ධ වු පුද්ගලයින්ට මිනිස්සු හෙණ ඉල්ලනවා. අපේ ගම්වල අහිංසක දුප්පත් මිනිසුන් ශක්තිය වර්ධනය කරගන්න බොන්නේ රෙඩ්බුල් නෙවෙයි. සීනි ටිකක් වැඩි තේ කොප්පයක්. අපේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ග්ලුකෝස් කනවා වගේ,

අපේ රටේ අහිසංක කම්කරුවා සිය ශක්තිය වර්ධනය කරගන්නේ සිනි ටිකක් වැඩිපුර දාපු තේ කොප්පයක් බිලා. ඒ කම්කරුවගේ තේ කොප්පයට බලපාන රුපියල් 65ට තිබුණ සීනි රුපියල් 215, 220 තුන් ගුණයකට වඩා වැඩි මිලකට විකුණන එක ගැන කිසිම සමාවක් ලබා දිය යුතු නැහැ.

ජනාධිපති ලේකම්වරයා විසින් මේ රටේ විදේශිය කොටස් සහිත සමාගම් ලියපදිංචි කිරිම නතර කරන්න කියලා සමාගම් ලියාපදිංචි කොමසාරිස් කාර්යාලයට නීතියට පටහැනිව ලිපියක් යවලා නවත්වනවා. ඇයි බැරි මේ අසාධාරණ විදියේ සීනි විකිණිමට පියවර ගන්න. ඒ ජනාධිපති ලේකම්වරයාගේ පෑන ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේ සාහසික අපරාධය නතර කරන ලෙස අපි ජනතාව වෙනුවෙන් ඉල්ලනවා.

අද පරිප්පු කිලෝ එක රුපියල් 250යි. පාරට ගියවිට රුපියල් 2000 නොලැබුණු අහිංසක මිනිසුන් අපිව වටකරගන්නවා. අසාධාරණ විදියට සල්ලි උපයන්න එපා කියා සිනි, පරිප්පු, හාල් මිල ඉහළ යවලා ලාභ ලබන උදවියගෙන් ඉල්ලා සිටිනවා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස