සීනි මිලට කෑ ගහන්නේ බෙහෙත් අහුරු පිටින් ගිලින දියවැඩියාකාරයෝ….! – පොහොට්ටු මන්ත්‍රී….

August 27, 2021 at 8:55 pm | by emanisa.lk

දියවැඩියාවට බෙහෙත් අහුරු පිටින් බොන ගමන් සීනි මිල අඩු කරන ලෙස ඉල්ලා ඇතැමුන් වොයිස් කට් දෙන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කීය.

ඒ මහතා පෙන්වා දෙන්නේ තරුණ පරපුර දියවැඩියාවෙන් බේරාගැනීමට කටයුතු කළ යුතු බවකි.

සීනි මිල අඩු කරන ලෙස වොයිස් කට් දෙන බහුතරයක් දියවැඩියාව සඳහා බෙහෙත් අහුරු පිටින් බොන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසයි.

සීනි ඉල්ලා වැඳ වැටෙන්නේ එලෙස බෙහෙත් අහුරු බොන ගමන් බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අපේ රටේ දරු පරපුර සහ තරුණ පරපුර රැකගැනීමට නම් රටේ සීනි භාවිතය අඩු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

සීනි මිල ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නයක් රටේ ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *