සීනි බදු සහන ජනතාවට නොලැබුණේ වෙළඳ මාෆියාව නිසයි…! – දයාසිරි…

March 19, 2021 at 8:26 pm | by emanisa.lk

සීනි බදු අඩු කිරීමෙන් රජය ලබාදීමට සැලසුම් කළ සහන ජනතාවට නො ලැබුණේ සීනි ආනයනයේ දී ක්‍රියාත්මක වන වෙළෙඳ මාෆියාව නිසා බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ ඊයේ (18) පැවැති වැඩසටහනකින් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

“ප්‍රතිපත්තියක් විදිහට අණ්ඩුව ගත්තු තීන්දුවක්. රුපියල් 125ට ගිය සීනි මිල රුපියල් 85 දක්වා ගේන්න අවශ්‍යයි කියන ඒක.

හැබැයි ඒ බදු අඩු කිරීම තුළ අත්වෙච්ච ප්‍රතිඵලය අපිට අත්කරගන්න බැරි වුණා. ඒක සිද්ධ වුණේ මේ රටේ තියෙන වෙළෙඳ මාෆියාව තුළ. වෙළෙඳාම තුළ තමන්ගේ ගාන තියාගන්න කරන වැඩපිළිවෙළ මේක තුළ සිද්ධ වෙන්න පුළුවන්.

ඒක නැතිකරන්න බෑ. හැබැයි ඒක ආණ්ඩුවේ කවුරු හරි කතා කරලා කරයි කියලා ඔප්පු කරන්න පුළුවන් කාරණයක් මෙතන නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *