සීගිරියේ කළුදිය පොකුණේ සුද්දන්ට හොටෙල් හදන්න කියලා හිටපු සංස්කෘතික ඇමති නියෝග කළා! බලපෑම් කළ සියලු හඬපට මං ළඟ තියෙනවා! – පුරාවිද්‍යා අධ්‍යක්ෂ….

July 22, 2020 at 12:30 am | by emanisa.lk

පසුගිය රජයේ හිටපු සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාසගෙන් තමන්ට දැඩි බලපෑම් එල්ල වූ බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සඳහන් කරයි.

හිටපු ඇමතිවරයා හැසිරුනේ තමන් පුරාවිද්‍යාඥයෙක් වන්නේය යන හැඟීමෙන් යයිද මහාචාර්ය සෙනරත් දිසානායක පැවසීය. තමා වසර 30ක් මෙහි සේවය කළ ද මේ ආකාරයට සිය දෙපාර්තමේන්තුව කිසිම අවස්ථාවක දේශපාලනීකරණය නොවූ බව ද ඔහු පෙන්වා දුන්නේය.

එය තමන්ට බලපෑම් කරමින් ලබාදුන් දුරකථන ඇමතුම් ගණනාවක හඩපට තමා සතුව ඇතැයිද ඔහු කියා සිටියේය.

සීගිරියේ අසල කළුදිය පොකුණ පිහිටි ගල් ලෙන් 73ක් සහිත ක්‍රි.පූ. 3-2 සියවස්වලට අයත් පූර්ව බ්‍රාහ්මි අක්ෂරවලින් ලියවුණු සෙල්ලිපි සහිත අක්කර 15 ක ප්‍රමාණයක් විදේශිකයන්ට හෝටල් කාමර ඉදිකිරීම සඳහා ලබා දෙන ලෙස හිටපු ඇමතිවරයා තමනට බලපෑම් කළ බවද ඔහු පැවසීය.

ඊට එකඟ නොවූ තැන තමන්ට චෝදනා කරමින් ධුරයෙන් ඉවත් වන ලෙස ද බලපෑම් කළේ යෑයි ඔහු කියා සිටියේය.

තමන්ට වූ අපහාසයට රුපියල් බිලියනයක මුදලක් වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරමින් ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස