සිසුවෙකුට කොරෝනා දැයි සැකයක්! යාපනය විශ්වවිද්‍යාලය වසා දැමේ!

July 14, 2020 at 12:34 pm | by emanisa.lk

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපය ඊයේ (13) සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. මේ මණ්ඩපයේ සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද දින නියමයක් නොමැතිව කල් දමා ඇති ඇත.

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ සහෝදර හමුදා නිලධාරියකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

කොරෝනා රෝගය වැළඳුණු යුද හමුදා නිලධාරියාගේ සහෝදරයාගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහි ප්‍රථිපල ලැබෙන තෙක් මෙලෙස විශ්වවිද්‍යාල මණ්ඩපය තාවකාලිකව වසා තැබීමට තීරණ කළ බව කිලිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස