සිසුන් 17ක් දූෂණය කළ දැරිය වෛද්‍යවරයාත් අපයෝජනය කරලා…!

August 12, 2024 at 7:27 pm | by emanisa.lk

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 අතරින් බාල වයස් සිසුන් පරිවාසභාරයට ද සෙසු පිරිස බන්ධනාගාරගත කිරීමට ද වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය.

තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවිය පළමුව පෙම්වතා ද අනතුරුව ඔහුගේ මිතුරන් ද වරින් වර සමූහ දූෂණයට ලක් කර ඇත්තේ අදාළ සිදුවීම වීඩියෝගත කර තබා ගනිමින් තර්ජනය කරමිනි.

මෙම සිදුවීම විදුහල්පතිවරයා ඇතුළු පාසලේ විනය කමිටුවට අනාවරණය වුව ද පාසලේ නාමයට කැළැලක් වේ යැයි සිද්ධිය යටපත් කර තිබේ.

මේ අතර මෙම සිදුවීම පිළිබඳ තොරතුරක් ලද තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා සැකකාර සිසුන් 17දෙනා සහ මීට අනුබල දුන් කාන්තාවක්ද ඊයේ අත්අඩංගුවට ගත්තේය.

අධිකරණය අපයෝජනය වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ එහි වෛද්‍යවරයෙක් දැරිය තව දුරටත් පීඩාවට පත් කළ බවට ඇගේ මව චෝදනා කළ අතර එම මව මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ද පැමිණිලි කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *