සිසුන්ට පොත් බෑග් පෙන්නලා චාමර ලක්ෂ ගාණක් හොරකම් කළා…! – ඇමති විද්‍යාරත්න…

February 10, 2025 at 9:47 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක දරුවන්ට පොත් බෑග් දෙන බව ප්‍රකාශ කරමින් තමන්ගේ ගිණුමට ලක්ෂ ගණනින් මුදල් බැර කර ගත් තොරතුරු සහිත ලිපිගොනු නැවත උඩට ගෙන විභාග කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න පවසයි.

ඔහු සිදු කර තිබෙන වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇති බවත් ඒවා ඉදිරියේදී විභාග කිරීමට නියමිත බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

බුද්ධිමය දේපළ පනත යටතේ නියෝග සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් චාමර සම්පත්, ඇමති සමන්ත විද්‍යාරත්නට එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *