සිව් වසරකට පෙර තැනූ හම්බන්තොට රෝහල තවම විවෘත කොට නෑ!

February 18, 2019 at 10:48 am | by admin

2014 වසරේ ඉදිකිරීම් අවසන් කළ හම්බන්තොට මහ රෝහල වසර හතරක් ගත වුවද විවෘත නොකිරීම කනගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

එවක රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේනගේ අධීක්ෂණය යටතේ ඉදි වූ මෙම රෝහල දැන්වත් ජනතා අයිතියට පත් කොට ප්‍රදේශවාසී ජනතාවට එහි ප්‍රයෝජන ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇතැයි ⁣මන්ත්‍රිවරයා බලාපොරොත්තු වන බව ද එහි සඳහන්ය.

හම්බන්තොට, කතරගම, සූරියවැව, තණමල්විල ආදී ප්‍රදේශවල ජනතාව සිය රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලටය. එ් සඳහා කිලෝ මීටර් සිය ගණනක් ගෙවා පැමිණිය යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *