සිරිසේන කළේ බණ්ඩාරනායක නාමය විකුණං කෑ එක විතරයි…! – චන්ද්‍රිකා…

September 26, 2021 at 11:14 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක නාමය විකුණා ගෙන කෑම හැර කිසිවක් නොකළ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුව අදට (26) හොරගොල්ල බණ්ඩානායක සමාධිය අසල දී එක්වෙමිනි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ බණ්ඩාරනායක මහතාගේ නම විකුණා ගෙන කෑම විතරයි. හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධූරය දැරූ කාලයේ එක වතාවයි බණ්ඩාරනායක ගුණ සමරුවකට මෙම ස්ථානයට ආවේ.

කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ගුණ සමරුව පවත්වලා නැහැ. අද මේ කටයුත්ත කරන්නෙත් පවුලේ සාමාජිකයන් පමණයි.

නමුත් හිටපු ජනපති අද එන්න ඉඩ තියනවා මොකද හැම තැනින්ම පන්නලා ඉන්නේ. ඒ හින්ද අද එන්න ඉඩ තිබෙනවා.” යැයිද හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.

ශ්‍රිලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂ නායකයින්ද අද (26) උදෑසන බණ්ඩාරනායක සමාධිය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *