සිරිසේන උකුසු කතාව කීවේ යූඇන්පියට! පොහොට්ටුවේ අය ඒකට පැටළෙන්න ඕන නෑ! – වාසු

March 8, 2020 at 11:32 am | by emanisa.lk

මෛත‍්‍රිපාල සිරිසේන කළ උකුස්සා පිළිබඳ කතාව ගැන පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් ප‍්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කිරීම පළ රහිත ක‍්‍රියාවක් යැයි වාසුදේව නානායක්කාර පුවත්පතකට පවසා ඇත.

සිරිසේන එම කතාව කීවේ එක්සත් ජාතික පක්ෂයට යැයි ද ඔහු කීවේය.

එජාපය සෑමදාම කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ඩැහැගැනීම යැයි ද පැවසූ වාසුදේව ඒ ගැන අද්දැකීමෙන්ම දන්නා සිරිසේන උකුස්සා ගැන කතාව කීවේ එම අදහසින් යැයි ද පැවසුවේය.

පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත‍්‍රීවරුන් ඒ ගැන වැරදි අවබෝධයක් ඇති කර ගෙන අනවශ්‍ය කතාවක පැටලී ඇතැයි ද කී වාසුදේව ඔවුන් කළ යුත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සුහදව කටයුතු කරමින් මැතිවරණය ජය ගැනීමට ක‍්‍රියා කිරීම යැයි ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස