සිරිසේනගේ තනතුරට කිසිම බලයක් නෑ! ආයේ ආප්ප කාලා ගේම් ගහන්න බෑ! පොළොන්නරුවේ පොහොට්ටු නායකයා මමයි!- රොෂාන් රණසිංහ දිගටම සටනේ…

February 19, 2020 at 1:15 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන නව සන්ධානය ලබා දී ඇති තනතුරෙහි කිසිදු බලයක් නැති බව රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ පවසයි.

හිටපු ජනාධිපතිවරයාට ලබාදී ඇති සභාපති ධුරයට කිසිදු බලයක් නැති බවත් එය නිකම්ම නිකන් අනුශාසක තනතුරක් වැනි එකක් බවත් ඔහු පැවසීය.

සන්ධානයේ නායක ධුරයේ මහින්ද රාජපක්ෂ සිටිනවා යනු නැවත වතාවක් ආප්ප කාරයන්ට, කුමන්ත්‍රණ කාරයන්ට ගේම් ගසන්නට ඉඩ නැති බව යැයි ඇමතිවරයා සඳහන් කළේය.

පක්ෂ හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දනවා යැයි කියමින් රාජපක්ෂ පවුලට අපහාස කළ මෛත්‍රීපාල සිරිසේනට පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට සදාචාරාත්මකව හැකිදැයි ඔහු ප්‍රශ්න කළේය.

එනිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී මෙම සන්ධානය අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම තරග කළ යුතු බව තම අදහස යැයි ද ඔහු පැවසීය.

තමන් පොදු ජන පෙරමුණේ පොළොන්නරුවට නායකත්වය දෙන බවත් හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කර තමන්ගේ ඡන්ද බලය පෙන්වන ලෙස ඔහු නැවතත් අභියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස