සිරිසේනගේ උකුසු ප්‍රකාශයෙන් ශ්‍රිලනිපය ඇවිළෙයි! මන්ත්‍රීවරු 6දෙනෙක් පොහොට්ටුවේ සාමාජිකත්වය ඉල්ලයි!

March 3, 2020 at 3:39 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීම සඳහා සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකරන ලද උකුසු ප්‍රකාශයට විරෝධය දැක්වීමක් වශයෙන් තමන් මෙම තීන්දුව ගත් බව ඔවුන් පවසා ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ නොසන්ඩාල උකුසු ප්‍රකාශය හේතුවෙන් තමනට පොදුජන පෙරමුණේ අනුකම්පා සහගත මනාපය හෝ නොලැබෙන තත්ත්වයක් ඇති වී තිබෙන බව ඔවුන් පෙන්වා දී ඇත.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රසිද්ධියේම එක්වීම සඳහා ඔවුන් අවස්ථාවක් ඉල්ලා ඇත.

කෙසේ වුවද මේ අවස්ථාවෙි නාම යෝජනා ගැටලු නිසා පොහොට්ටුවේ ප්‍රධානියා මෙහිදී දක්වා ඇත්තේ එතරම් ධනාත්මක ප්‍රතිචාරයක් නොවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස