සිරිසේනගේ උකුසු කතාවෙන් අපට වැලේ වැල් නැති වුණා! ශ්‍රීලනිප ප්‍රබලයෙක් මනාප ටික රැක දෙන්නැයි පොහොට්ටු ප්‍රධානියෙකුට වැඳ වැටෙයි!

March 3, 2020 at 12:24 pm | by emanisalk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොහේවත් යන උකුසු කතාවක් කියා ශ‍්‍රීලනිප අපේක්‍ෂකයන්ට වැලේ වැල් නැති කළ බව ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් සඳන් කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක උකුසු ප්‍රකාශයෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානියෙකු සමග කණගාටුව පල කරමින් එම හ‍්‍රීලනිප ප‍්‍රබලයා මේ බව කියා ඇත.

සිරිසේන හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශය හේතුවෙන් ශ‍්‍රීලනිප අපේක්‍ෂකයන්ට පොහොට්ටුවෙන් ලැබෙන මනාප සංවිධානාත්මක ලෙස අඩු කිරීමට කටයුතු නොකරන්නැයි ඔහු පොහොට්ටුවෙන් ඉල්ලා තිබේ.

මෙම ප‍්‍රකාශය වැරදීමක් බවත් ඒ ගැන කණගාටුව පල කරමින් හිටපු ජනාධිපතිවරයා ලවා යළිත් ප්‍රකාශයක් කරවීමට උත්සාහ කරන බවද ඔහු දැනුම් දී ඇත.

කෙසේ නමුත් පොහොට්ටුවේ පාක්ෂිකයන් සහ ක්‍රියාකාරීන් ස්වාධීනව සිදුකරන ලෙස කටයුතු සම්බන්ධයෙන් තමන්ට මැදිහත් විය හැක්කේ සීමාවක් තුළ පමණක් බවත් මෙම පක්‍ෂය හැදුණේ පොදු මහ ජනතවගෙන් නිසා එයට අවනත වීමට තමනටද සිදුවන බවත් පොදුජන පෙරමුණේ ප‍්‍රබලයා අවධාරණය කර ඇත.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස