සිරිල් ගාමිණී පියනමට ලැජ්ජාවක් නෑ…! පොලිස් ලොක්කන්ට නීතිය ක්‍රියාත්ම කරන්න කොන්දක් නෑ…!

November 10, 2021 at 9:46 am | by emanisa.lk

නීතිය සිරිල් ගාමිණි පියතුමාට ද ඥානසාර හිමිට ද යන්න අදාළ නොවන බවත් එය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බවත් රාවනා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි.

ආණ්ඩුවේ පොලිස් ප්‍රධානීන්ට කොන්ද පණ නැති බවත් ඔවුන් සිරිල් ගාමිණී පියතුමට බිය බවත් එහිමියෝ පෙන්වා දෙති.

තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ සිරිල් ගාමිණී පියනමට විශ්වාසයක් නොමැති බවත් ඔවුන් සිතා සිටින්නේ තමන් ගහන ගහන පදයට ජනාධිපතිවරයා නැටිය යුතු බවත් යැයි සද්ධාතිස්ස හිමි චෝදනා කරති.

එහිමියන් වැඩි දුරටත් පවසන්නේ, සිරිල් ගාමිණී පියතුමාලත් විලි ලැජ්ජාවක් නොමැති බවත් පාස්කු ප්‍රහාරය එල්ල කළ එවුන් සමග එකතු වී යුක්තිය ඉල්ලා සිටින බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස