නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සරය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සැමරීම මහත් ලැජ්ජාවක් බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
“පක්ෂය අද 73 වැනි සංවත්සරය එළඹෙන විට අර්බුද ගණනාවකට මුහුණ දෙමින් තමයි අපි කටයුතු කරන්නෙ.
පක්ෂයේ ව්‍යවස්ථාව කඩකරලා, ආණ්ඩුවේ බලය පාවිච්චි කරලා, පක්ෂය කෑලිවලට කඩපු පිරිසක් අද නිමල් සිරිපාල ද සිල්වා මහතා, දුමින්ද දිසානායක මහතා ඇතුළු පක්ෂයේ අනීතික ලෙස පත්වීම් ලබපු කීපදෙනෙක් විසින් සංවිධානය කරපු සංවත්සර උත්සවයක් යැයි කියා ගන්නා එකක් තිබෙනවා.
ඉතින් අපි ලැජ්ජා වෙනවා, කනගාටු වෙනවා සහ අපේ විරෝධය පළකරනවා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සරය සමරන්න කටයුතු කිරීම ගැන අපට තියෙන්නෙ මහත් ලැජ්ජාවක් සහ විශාල වේදනාවක්.”
දයාසිරි ජයසේක මහතා මේ බව පැවසුවේ ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.