සිරිකොතේ ගැටුමක්! වෘත්තීය සමිති හමුව අවලංගුයි! (video)

June 8, 2020 at 2:01 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

එම පක්ෂයේ වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවක් අතරතුර මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

වෘත්තීය සමිති නායකයින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සිය ගැටලු ඉදිරිපත් කිරීමට යෑමේදී ඔහු එම ස්ථානයෙන් පිටව යෑමට උත්සහ දැරීමත් සමග දැඩි විරෝධයක් එල්ල විය. පක්ෂ නායකත්වය ඇතුළු නිලධාරී මණ්ඩලය මෙම හමුවට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති නායකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුණි.

අනතුරුව තත්ත්වය පාලනය කිරීමට පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක පාලිත රංගේ බණ්ඩාර උත්සහ කළද එයද ව්‍යර්ථ විය.

මේ හේතුවෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පක්ෂ උපනායක රවී කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ ජාතික සේවක සංගම් නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන තිබූ එම හමුව අවලංගු කිරීම පක්‍ෂ නායකත්වය තීරණය කර ඇත.

https://www.facebook.com/NewsfirstSL/videos/296629631476690/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස