සිරස TV කාබනික පොහොර විරෝධයේ රහස එළියට…! ලංකාවේ දැවැන්ත වස ආනයන සමාගම මහාරාජගේ…!

June 28, 2021 at 9:48 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රසායනික පොහොර, කෘමිනාශක සහ වල් නාශක තහනම් කිරීමට එරෙහිව සිරස මාධ්‍ය ජාලය දැඩි විරෝධයක් දක්වන ආකාරය මේ දිනවල දැකිය හැකි ය.

රට පුරා ගොවි ජනතාව විරෝධතා සඳහා පොළඹවමින් ජනතාව කුපිත කිරීම සඳහා සිරස සිය පුවත් විකාශයේ විශාල කාලයක් වෙන්කරනු දැකගත හැකි ය.

රට වැසියන් දිගින් දිගට ම වකුගඩු රෝග, පිළිකා රෝග සඳහා ගොදුරු වීම නවතාලමින් ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා දියත් කළ මෙම වැඩසටහන නිසා රසායනික පොහොර, කෘමි නාශක සහ වල් නාශක ආනයන සමාගම් දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ.

මෙලෙස ලංකාවට රසායනික පොහොර සහ වස ආනයනය කරන එක් ප්‍රධාන සමාගමක් වන Horcros Chemicals සමාගම සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු වන කිලී මහාරාජාට අයත් බව මේ වන විට හෙළි වී තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *