සිරසේ හොරකමට එරෙහිව වාරණ නියෝග දෙකක්…!

July 21, 2023 at 12:32 pm | by emanisa.lk

ලාංකික ගීත රචකයින්ගේ සහ සංගීතඥයින්ගේ නිර්මාණ අනවසරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට එරෙහිව මහාධිකරණය මගින් සිරස රූපවාහිනී නාළිකාවට එරෙහිව වාරණ නියෝගෙ දෙකක් පනවා තිබේ.

ඒ සිරස නාළිකාව ඔස්සේ විකාශය වන The Voice Sri Lanka වැඩසටහන මගින් CeyMusic ආයතනයේ ලියාපදිංචි ගීත නිර්මාණකරුවන් 41 දෙනෙකුගේ ගීත 503ක් අනවසරයෙන් ප්‍රතිනිර්මාණය කිරීම මගින් සිය කර්තෘ අයිතිය උල්ලංඝනය වූ බවට පවරන ලද නඩුව (19) විභාගයට ගත් අවස්ථාවේය.

මෙහිදී ඉදිරිපත් වු කරුණු සලකා බැලූ විනිසුරු ප්‍රදීප් හෙට්ට්ආරච්චි MBC/MTV Channels Pvt Ltd විසින් මෙහෙයවනු ලබන රූපවාහිනි නාලිකාවල CeyMusic රචකයන්ගේ ගීත හා සංගීත නිර්මාණ ඉදිරිපත් කිරීම වළක්වාලමින් හා එම ආයතනයේ සමාජ මාධ්‍ය ජාලාවලට එම ගීත එකතු කිරීම ප්‍රසිද්ධ කිරීම ප්‍රදර්ශනය කිරීම වළක්වාලමින් වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *