සියලු සංවර්ධන ව්‍යාපෘති වහා නතර කරනු…! කොවිඩ් නිමා වන තුරු රට දියුණු කළ යුතු නෑ…!- මනෝ ගනේෂන්….

May 10, 2021 at 2:45 pm | by emanisa.lk

ආණ්ඩුව රටේ සියලු සංවර්ධන කටයුතු නතර කර එම මුදල් කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා බැර කළ යුතු බව සමගි ජන බලවේගය පවසයි.

කොවිඩ් පාලනය සඳහා රට සම්පූර්ණයෙන් වසා දැමිය යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, දෙමළ ප්‍රගතිශීලී සන්ධාන නායක මනෝ ගනේෂන් අවධාරණ යකළේ ය.

වරාය නගර කොමිසම් සභා පනත් කෙටුම්පත මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ විවාදයට ගතයුතු නැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති එක ම වෙනස තවමත් ලංකාවේ ජනතාව කොඩිව් නිසා මහ පාරේ මැරී නොවැටීම පමණක් බව ද මනෝ ගනේෂන් පෙන්වා දුන්නේ ය.

ආණ්ඩුව මේ අවස්ථාවේ පළමු දෙවන තෙවන ප්‍රමුඛතාව දිය යුත්තේ කොවිඩ් වසංගතය පාලනය සඳහා බව ද ඔහු සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *