නොවැම්බර් 15 වැනිදායින් පසුව සියලු සංවර්ධන ව්‍යාපෘති ඇනහිටිනු ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ඉදිකිරීම් සඳහා අවශ්‍ය සිමෙන්ති හිගවීම ඊට හේතුව බව ඇමතිවරයා පෙන්වා දෙයි.
දැනට රටතුළ තිබෙන්නේ සමස්ත සිමෙන්ති අවශ්‍යතාවයෙන් 65% ක් පමණක් බවත් ඉදිරි සති දෙක තුළ එම සිමෙන්ති තොග ද අවසන් වන බවත් ඇමතිවරයා පවසයි. අලුතින් සිමෙන්ති ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීම බරපතල අර්බුදයක් බව ද ඔහු සඳහන් කරයි.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගවෙමිනි.