හෙට (02) සිට සියලු ම රාජ්‍ය සේවකයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ නැවත සේවයට කැඳවා තිබේ.
ඒ අනුව සියලු ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කලාප කොට්ඨාශ අධ්‍යාපන කාර්යල නිලධාරීන්, කාර්ය මණ්ඩල, සියලු ම පාසල් අධ්‍යයන, අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩල හෙට සිට සාමාන්‍ය සේවය සඳහා කැඳවා තිබේ.
අදාළ තීන්දුව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පළාත් කලාප අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී තිබේ.
කෙසේ වුව ද 20 වන දිනටත් ගුරු විදුහල්පතිවරුන් වැඩ වර්ජන ව්‍යාපාරයක නියැලී සිටිති.