සියලු රාජ්‍ය ආයතන පෞද්ගලික ගොඩනැඟිලිවලින් ඉවතට!

December 13, 2019 at 11:08 pm | by emanisa.lk

පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වා ගෙන යන අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන රජයට අයත් ගොඩනැගිලිවලට ගෙනයාමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය ආයතන පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යෑම සඳහා රජයට අධික වියදමක් දැරීමට සිදුවීම එයට හේතු වී තිබේ.

අමාත්‍යාංශ මෙන්ම විවිධ රාජ්‍ය ආයතන ගණනාවක් මේ වන විටත් අධික වියදමක් දරමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අතර එවැනි ආයතන සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම මේ වන විට ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස