සියලු බාධක මැඩ ධම්මික පාර්ලිමේන්තුවට…! ඇමැතිකමක් අරන් රට ගොඩගන්න සූදානම්..!

June 22, 2022 at 11:08 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා අද (22) දිවුරුම් දුන්නේය.

ධම්මික පෙරේරා මහතා මෙසේ පත් කෙරුණේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහාය. ඔහු අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.

ධම්මික පෙරේරා මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ පහම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, විදේශීය මාධ්‍යවේදී මාධ්‍යවේදී රෝයල් රේමන්ඩ්, ප්‍රවීණ පරිවර්ථක ගාමිණී වියන්ගොඩ සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍ර ජයරත්න ඇතුළු පස් දෙනකු විසින් ගොනුකරනු තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *