සියලු බලවේග ඒකරාශී වී ජනපීඩක ආණ්ඩුව පළවා හැරිය යුතුයි….! – රනිල්….

July 11, 2021 at 11:39 am | by emanisa.lk

ජනතාව පීඩාවට පත් කරමින් සිටින ආණ්ඩුව සමග”හැප්පිය” යුතුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සමගි ජන බලවේගය ඇතුළු සියලු බලවේග ඒකරාශී කරගෙන යැයි හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ මොහොතේ එම ප්‍රධාන අරමුණ කරා යන ගමන පසෙක තබා වෙනත් අය සමඟ හැප්පීමෙන් ඵලක් නොවන බව ද එයින් වන්නේ කාලය නාස්ති වීමක් පමණක් යැයි ද රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

වර්තමානයේ දී රට මුහුණ දී සිටින අභියෝගවලින් ජනතාව මුදාගැනීමට නම් සියලු බලවේග සහ ජන කොටස් ඒකරාශී කර ගනිමින් ජයග්‍රහණය කරා යා යුතු බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන නවක මන්ත්‍රීවරුන් සඳහා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මන්ත්‍රී වැඩමුළුවක දී රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *