සියලු පව් රංජන් පිටින් යන ලකුණු! රංජන් බිලි දී අත පිහදාගන්න එජාපය සූදානම්!

January 8, 2020 at 10:21 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ඒ, ඔහු විසින් සිය දුරකතන සංවාද පටිගත කිරීම සහ ඒවා ඇතුළත් හඬපට අනාවරණය වීමත් සමග ඇති වූ ආන්දෝලනය මැදය.

දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

ඉදිරි දිනයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක කැඳවා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සූදානම් බව ද මෙහිදී ප‍්‍රකාශ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස