සියලු දනොට පිළිගත හැකි එක නීතියක් රටට අවශ්‍යයයි! – බැසිල් උලමා පක්ෂ නියෝජිතයන්ට කියයි….

June 27, 2019 at 3:56 pm | by emanisa.lk

ජාතියක් ලෙස එකට සිටිමින් එකම රටක් ලෙස ඉදිරියට යාමට නම් කාටත් පිළිගත හැකි එකම නීතියක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (26) නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මුස්ලිම් උලමා පක්ෂයේ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රදේශයකට ආගමකට ජාතියකට සීමා වුන පක්ෂයක් නෙවෙයි. අපේ පක්ෂයට අවුරුද්දකටත් වඩා අඩු වයසක දී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන්න හැකිවුණා. මේ වන විට ලංකාවේ වැඩිම මහජන නියෝජිතයින් ප්‍රමාණයක් ඉන්නේ අපේ පක්ෂයට. රට පුරාම මහජන නියෝජිතයින් 4000 කට වැඩි ප්‍රමාණයක් අපිට ඉන්නවා. මහජන නියෝජිතයින් වැඩි වීමත් සමහර වෙලාවට ප්‍රශ්නයක්. දරුවෝ වැඩි උනාම පාලනය කරගන්න අමාරුයි. ඒවුනත් අපි නිසි විනයක් සහිත පක්‍ෂයක්. එනිසා අපිට ඒ අය මෙහෙයවීම අමාරුනැහැ.

මුස්ලිම් ජනතාවගෙන් කීප දෙනෙක් කරපු දෙයකට සමස්ත මුස්ලිම් ජනතාව වගකිව යුතු නැහැ.ඒ වගේම පොහොට්ටුවේ කිහිප දෙනෙක් කරන වැඩවලට සම්පූර්ණ පොහොට්ටුව වග කියන්න අවශ්‍යත් නැහැ.

යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ එවකට රජය මුස්ලිම් ජනතාව වෙනුවෙන් කළ සේවය වචනයෙන් කිව නොහැකි බව එහි දී සඳහන් කළ මුස්ලිම් උලමා පක්ෂයේ නායක මුබාරක් අබ් මජීඞ් මහතා ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන බව එහිදී සඳහන් කළේය.

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස