සියලු ත්‍රිවිධ හමුදා නිලයන්ගේ නිවාඩු අවලංගුයි! නිවාඩු පිට සිටින අයට කඳවුරට එන්න හමුදාවෙන් බස්!

April 26, 2020 at 6:48 pm | by emanisa.lk

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරින් සහ සෙසු නිලයින්ගේ නිවාඩු සහ කෙටි නිවාඩු මෙලෙස  අවලංගු කර ඇත. දැනට නිවාඩු මත සිටින නීලධාරින් සහ සෙසු නිලයින් කඩිනමින් තමන් සේවය කරන කදවුරු වෙත වාර්තා කල යුතු බව එම නිවේදනයේ දැක්වෙයි.

එලෙස නිවාඩු මත සිටින නිලධාරින් සහ සෙසුනිලයින් වහාම තමන් සේවය කරන කඳවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කල යුතු බවද එම නිවේදනයේ දැක්වේ.

මේ අතර යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ දැනට නිවාඩු ලබා සිය නිවෙස් වෙත ගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් වෙත සිය කඳවුරු වෙත පැමිණීමට අදාළ හමුදා විසින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස