සියලු ආදායම් මාර්ග අහිමි රටක් වහල තියල දුවන්න බෑ…! මිනිස් ජීවිත වගේ ම ආර්ථිකය රැකගන්නත් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ යුතුයි…! – ධම්මික පෙරේරා….

August 23, 2021 at 10:38 am | by emanisa.lk

කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය අං‍ශ තම ජීවිත පරදුවට තබා මිනිස් ජීවිත රැක ගැනීමට සේවයට වාර්තා කරන අයුරින් අපනයන ක්ෂේත්‍රයේ නිරත වන පිරිස ද ආර්ථිකය රැක ගැනීම සඳහා සිය දායකත්වය ලබා දිය යුතු බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා අවධාරණය කරයි.

“රජයේ ආදායම ගිය අවුරුද්දේ බිලියන 1300යි. රාජ්‍ය සේවකයින් නඩත්තුවට බිලියන 1100ක් ඕන. රටේ අනෙකුත් සියලු කටයුතු සඳහා ඉතිරි බිලියන 200යි.

රාජ්‍ය ආදායම ආරක්ෂා කරගන්නා අතර මිනිස් ජීවිත උපරිම ප්‍රමාණයක් රැකගත යුතුයි. රජයට මේ දෙක සමබරව කරන්න වෙනවා.

රට සම්පූර්ණයෙන් ම වහලා රජයට දුවන්න බැහැ. පෙට්‍රල් කිරිපිටි අපි ආනයනය කරන්න ඕන. ආනයනය කරන්න නම් අපි අපනයන ආදායම් අවශ්‍යයි. ඩොලර් නැත්තම් කිසිවක් ආනයනය කරන්න බැහැ.

අපනයන ක්ෂේත්‍රය විවෘතව තැබිය යුතුයි. සංචාරක කර්මාන්ත්යේ ආදායම් අහිමි වීමත් සමඟ ම අපට තවත් ආදායම් නැති කරගන්න බෑ.

මහ ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ජීවිත දෙනවා. නමුත් ඔවුන් දිගට ම වැඩට එනවා. අපනයන ක්ෂේත්‍රයත් ආර්ථිකයත් අපි ඒ වගේ ම රැකගන්න වැඩ කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *