සියල්ලට වඩා වැදගත් දරුවන්ගේ ඇස් පෑදිමයි…! බඩගින්නේ හරි දරුවන්ට උගන්වන්න..! – මහනාහිමි ගුරුවරුන්ගෙන් ඉල්ලයි…

October 13, 2021 at 8:30 pm | by emanisa.lk

නොමිලේ හෝ උගන්වන්නේ යැයි අධිෂ්ඨානයෙන් ඉගැන්වීම් කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කරන ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමාග්‍රී නිකායේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරති.

“මම ඉතා ම කරුණාවෙන් සඳහන් කරන්නේ, රටේ ගුරුවරු පාසල් දරුවන්ට ඉගැන්වීම ඉක්මනින් ආරම්භ කරන්න. කන්නන්ගර ශ්‍රීමතාණන් අපට පෙන්වූ දෙය තමයි, සියලු ම දරුවන්ට ඇති නැති හෝ වෙනත් භේද නොසලකා නිදහස් අධ්‍යාපනය ලබා දීම.

එබැවින් මේ මොහොතේ මා ඉතා කරුණාවෙන් මේ රටේ ගුරුවරුන්ට කියන්නේ, අනිත් සියලු දේ අමතක කරලා, බඩගින්නේ හරි දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න. මේ මොහොතේ සියල්ලට ම වඩා වැදගත් දේ
ඒක.

නොමිලේ හරි උගන්වනවා කියලා රට වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ට උගන්වන්න. මේ කාර්ය ඉතා ඉක්මණින් සම්පූර්ණ කරගන්න අප කාටත් අවස්ථාව ලැබෙනවා ඇති.”

ඒ, සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය නිමිත්තෙන් අද (13) මතුගම පැවැති වැඩසටහනකට සහභාගී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *