සියයට පහක්වත් ඡන්ද නැති අය ජනාධිපතිවරණයට තරඟ කිරීම ජාතික අපරාධයක්…!

August 12, 2024 at 12:45 pm | by emanisa.lk

රටේ සියයට පහක ඡන්ද ප්‍රතිශතයක් නොමැති පුද්ගලයන් ජනාධිපතිවරණයට තරඟ කිරීම ජාතික අපරාධයක් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙවර ජනාධිපතිවරණයට විශාල පිරිසක් තරඟ කළ ද අපේක්ෂකයන් තිදෙනෙකුට හැර සෙසු පිරිසට අවම වශයෙන් සියයට දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි බවයි, ඔහු ප්‍රකාශ කළේ.

සියයට 5කට වඩා ඡන්ද පදනමක් නොමැති පක්ෂ ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීම ඔස්සේ සිදුවන සම්පත් හානිය අවම කිරීමට නීති සම්පාදනය කළ යුතු වුවත් ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම කීය.

ඇතැම් ජනාධිපති අපේක්ෂකයන්ට සිය පවුලේ ඡන්ද ටික පවා නොලැබෙන බවයි, ඇමැති අමරවීර පෙන්වා දුන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *