සිග්නල් සොයා කඳු හෙල් බඩගෑ යුගය නිමයි…! පාසල් සිසුන් වෙනුවෙන් අධ්‍යාපන TV චැනල් 20ක්…!

July 7, 2021 at 8:11 am | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය මැද පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යාමට රූපවාහිනී නාළිකා 20ක් ආරම්භ කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

මේ අතරින් නාළිකා 13ක් 1 වන වසරේ සිට 13 වන වසර දක්වා පොදු විෂය මාලාව ඉගැන්වීමට ද ඉතිරි නාළිකා 07 අපොස උසස් පෙළ විෂය මාලා සඳහා ද වෙන් වෙයි.

මේ වන විටත් අදාළ කටයුතු සැලසුම් කරමින් ඇති බවත් ඒ ඒ පාඩම් මාලා පටිගත කරමින් ඇති බවත් වාර්තා වෙයි.

පසුගියදා (05) පැවැති කැබිනට් හමුවේ දී මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *