සිංහල සිනමාවේ රිදී සීනුව ඇන්ජලීින් සමුගනී! (video)

March 29, 2019 at 4:59 pm | by admin

සිනමා අඹරේ රිදී සීනුව යන විරුදාවලිය ලද ප්‍රවීන ගායන ශිල්පීනි ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත විය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට ටික වේලාවකට පෙර ඇය අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. මිය යන විට ඇය 79 වියෙහි පසුවුවාය.

ඇන්ජලීන් ගුණතිලක ගායන කේෂ්ත්‍රයේ අවතීර්ණ වූයේ ආදර අඹරේ ගීතය ගායනා කරමිනි. මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේල පාට පොදක් තිලක ලා, ආදර මල් ගොමුවේ, රෑ දවල් මල් හැඟුම් සිරි පානා, ආදරේ හිතෙනවා දැක්කාම, හද විමන් දොරින් එන පැතුම් පවන් ආදී ගීත රැසක් ඇය විසින් ගායනා කරනු ලැබුවාය. ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 ට ආසන්නය.

මෙම වීඩියෝවෙන් 2018 වසරේ ඇන්ජලීන් ගුණතිලක ගායනවේදිනියගේ උපන් දිනය දා දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවේ ජනප්‍රිය වූ ආක්ෂා චමුදි නම් දැරියක විසින් ඇගේ ගීතයක් ගායන කළ අයුරු ඈ විසින් රස විඳින අයුරු දැකගත හැකිය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස