සිංහල වෙසින් මුස්ලිම් පල්ලිවලට පහර දී ජාතිවාදය අවුළන සැලසුමක් හෙළිවෙයි! බේරුවල බුහාරි පල්ලියට පහර දෙන්න සැලසුම් කළ අන්තවාදීන් දෙදෙනෙක් අත්අඩංගුවට!

April 26, 2019 at 11:19 am | by admin

බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කළ බවට සැකපිට සිංහල නමකින් පෙනී සිටි දිගන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අද (25) අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දිගන ප්‍රදේශයේ අබ්දුල්ලා නමින් පදිංචිව සිටි මේ වන විට කොඩිතුවක්කු ආරච්චිලාගේ රුවන් වීරසිංහ නමින් පෙනී සිටින 30 හැවිරිදි අඹන්වත්ත, රජවැල්ල ලිපිනයේ පදිංචි අයෙකු සහ පන්විලහේන, වේයන්ගල්ල, අගලවත්ත ලිපිනයේ පදිංචි අබ්දුල් රහීම් මොහොමඩ් ෆයිසර් නමැති 39 හැවිරිදි අයෙකි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිසියම් මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකට අයත් බවට පොලිසිය සැකකරන අතර මොවුන් බේරුවල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ මුස්ලිම් පල්ලියක් වන බුහාරි පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කර තිබෙන බවට මොවුන් විසින් කරන ලද පාපෝච්චාරණයක් අනුව අත් අඩංගුවට ගෙන ඇත.

සිංහල නමින් පෙනීසිටින පුද්ගලයා තමා සිංහල නමින් පෙනී සිටීමට සාධාරණ හේතුවක් ඉදිරිපත්කිරීමට අපොහොසත්වී ඇති අතර ඔහු දිගන ප්‍රදේශයෙන් පැමිණ වේයන්ගල්ල ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරුගේ නිවසේ නැවතී සිට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස