සිංහල බසින් පමණක් ජාතික ගීය ගැයීමට NGO විරෝධය! පිරිසක් පහසුවෙන් හිටං කොල බලාගෙන දෙමළින් කියති!

February 4, 2020 at 6:30 pm | by emanisa.lk

නිදහස් දා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළ යුතු බවට රජයට බලකරමින් මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් අද (04) ‌කොළඹ දී ජාතික ගීය ‌දෙමළ භාෂාවෙන් ගායනා කර තිබේ. මේ අවස්ථාවට සාතිශය දෙමළ ජනතාව නියෝජනය කරන හින්දු පූජකවරු කිසිවකු එකතු නොවුණ ද ක්‍රිස්තියානි පූජකයන් සහභාගී වී සිටිනු දැකගත හැකිවිය.

එහි දී එම ස්ථානයේ රැස්ව සිටි ‌බොහෝ ‌දෙනෙකු ‌කොලයක් ‌දෙස බලාගෙන ජාතික ගීය ගායනා කරන අයුරු නිරීක්ෂණය කළ හැකි විය. විශේෂයෙන් දෙමළ ජාතිකයන් ද කොලයක් බලාගෙන ජාතික ගීය ගයනා කළ අතර සිංහල ජාතිකයන් සිංහල බසින් ජාතික ගීය කොලයක ලියාගෙන ගයනු දැකගත හැකි විය.

මෙම පිරිස සිය ගමන් මළු කරේ සහ උරේ එල්ලා ගෙන සිටීම ද ඒ අවස්ථාවේ සීරුවෙන් නොසිට විවිධ ඉරියව්වල සිටීම ද විශේෂත්වයකි. එසේම මේ අවස්ථාවට එකතු වූ කිසිවකුට දෙමළ ජාතික ගීය කටපාඩම් නොවීම ද විශේෂත්වයකි.

මතකයෙන් ගායනා කළ නොහැකි ජාතික ගීයක් කොළයක් බලාගෙන ගයන්නේ කුමදැයි සමාජ මාධ්‍යවල විමසා තිබිණි. දෙමළ ජාතිකයන් ද කොලයක් බලාගෙන දෙමළින් ජාතික ගීය ගැයීමෙන් එය ජනතාව මත බලෙන් පටවා ඇති බව තහවුරු වන බව බොහෝ දෙනාගේ අදහසය.

එහෙත් දෙමළින් ජාතික ගීය කියා අවසානයේ සියලු දෙනාම පාහේ කොලය නොබලාම ජාතික ගීය සිංහල භාෂාවෙන් ගයනු දැකගත හැකිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස