සිංහල අවුරුදු දා ආශීර්වාද ලබන්න අගමැතිනිය කෝවිලට…!

April 15, 2025 at 1:22 pm | by emanisa.lk

සිංහල හින්දු අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ආශීර්වාද ලබා ගැනීමට අගමැතිනි හරිනි අමරසූරිය නැදිමාලේ ශ්‍රී වෙන්කටේෂ්වර මහා විෂ්ණු මූර්ති කෝවිලට ගොස් තිබේ.

එහි දී ජනතාවගෙන් අගමැතිනියට විශේෂ පිළිගැනීමක් ලැබිණි.

ඒ පිළිබඳ අගමැතිනියගේ නිල ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙසේය.

“සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, නැදිමාලේ ශ්‍රී වෙන්කටේෂ්වර මහා විෂ්ණු මූර්ති කෝවිලට ගොස් හින්දු ආගමික සම්ප්‍රදායන් අනුගමනය කරමින් ඉදිරි වසර සඳහා ආශිර්වාද ලබා ගැනීමට මට අවස්ථාව ලැබුනා.

මෙවැනි අවස්ථා අපගේ සංස්කෘතික හා අධ්‍යාත්මික විවිධත්වයේ සුන්දරත්වය පිළිබිඹු කරනවා වගේම, එකමුතුකම සහ කෘතඥ පූර්වක බව පෙරදැරිව අලුත් අවුරුද්ද ආරම්භ කිරීමේ වැදගත්කම අපට මතක් කර දෙන බව මගේ විශ්වාසයයි.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *