සිංහලයකු සමග විවාහ වූ ෆාතීමාගේ අනුවේදනීය කතාව! (video)

July 3, 2019 at 8:18 am | by emanisa.lk

ඉස්ලාම් අන්තවාදයෙන් පීඩාවට පත්වූ මුස්ලිම් කාන්තාවක් අද(02) පැවති මාධ්‍ය හමුවේදී අනුවේදනීය හෙළිදරව්වක් සිදු කළාය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවටද මෙහිදී පොලිසියට චෝදනා එල්ල කෙරුණි.

මෙහිදී අදහස් දැක්වු අබ්දුල් හසන් ෆාතිමා හයිෆා නැමැත්තිය කියා සිටියේ, තමා සිංහල අයෙක් සමඟ 2008 විවාහ වු බවත් සුනාමිය අනතුරට පසු ලැබුණු ගෙවල්වල ජීවත් වු බවත්ය.

එම කාලයේ දී පල්ලියේ අය පැමිණ සිංහල පුද්ගලයකු සමග විවාහ වීම නිසා තර්ජනය කළ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. පසුව සැමියා සමඟ ගොස් පොලීසියේ පැමිණිල්ලක් දැමු බවත් මාලඹේ ප්‍රදේශයේ ජීවත් වෙමින් සිටිය දී තමා ගැබ් ගත් නිසාවෙන් නැවතත් අටලුගම ප්‍රදේශයට ගිය බව සඳහන් කළාය.

නැවතත් පල්ලියෙන් පිරිසක් පැමිණ සැමියා සිංහලයකු නිසා ගමේ ඉන්න දෙන්න බැරි බව ප්‍රකාශ කළ බවත් දරුවකු ලැබෙන්න ඉන්න නිසා තමාට ගමේ සිටිය හැකි බවත් පවසා සැමියා එලවා දැමූ බවත් හෙළි කළාය.

සැමියා තමා මවගේ නිවසේ රඳවා ගොස් ළමයා ලැබෙන තුරු මාලඹේ සිට හොරෙන් පැමිණ තමා දැක බලා ගත් බව ද ඇය සඳහන් කළාය.

සිය සැමියාට ඉස්ලාම් ආගමට එන්න යැයි නිතර තර්ජනය කළ බවත්, ගෙවල් දෙන්නම් වාහන දෙන්නම් යැයි සැමියාට නිතර කරදර කරන බව ද පැවසු ෆාතිමා, පසුව සැමියා රට ගිය බවත්, පල්ලියේ පිරිසක් නැවත පැමිණ සැමියා ගැන නොසොයා ළමයා සමග ඔහු අතහැර ආවොත් මුස්ලිම් අයෙක් කසාද බැඳ දෙන බව පැවසු බවත් කියා සිටියාය.

පසුගිය මාර්තු මස 24 වන දා පල්ලියේ පිරිසක් ගෙදරට කඩා වැදී තමන්ට පහර දී ඇඳුම් ඉරා පාරේ ඇදගෙන ගිය බවත්, පොලීසිය ඉදිරියේ තමාට හා දරුවන්ට පහර දුන් බවද කියා සිටි ෆාතිමා ළමයි අඬන අතර ගල් ගැසූ බව ද පැවසුවාය.

මුස්ලිම් අන්තවාදීන්ගෙන් පහර කෑ තමා පොලිසියට ගෙනැවිත් පහුවදා හවස 02 වනතුරු කූඩුවේ දැමු බවත්, බණ්ඩාරගම පොලිසියට ගොනු කළ කිසිම පැමිණිල්ලක් විභාග කළේ නැති බවත් ඇය වැඩිදුරටත් හෙළි කළාය.

ප්‍රදේශයේ පල්ලි ගණනාවක් ඇති බවත් මාරාව නැමති පල්ලියෙන් මෙම ක්‍රියාව සිදු කර ඇති බවත් ඇය හෙළි කර අතර පොලිසියට සහ විවිධ මානව අයිතිවාසිකම් සංවිධාන වෙත පැමිණිලි කළ ද තමන්ට සාධාරණයක් සිදු නොවූ බවත් අවසානයේ භික්ෂූන් වහන්සේලා පිහිටට පැමිණි බවත් ඉතාම හැඟීම්බරව හෙළි කළාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස