සිංගප්පූරු මහේන්ද්‍රන් අත්සන් කළ මුදල් නෝට්ටු වලංගුද කියලා අධිකරණයෙන් අහනවා! – ඒකාබද්ධ විපක්ෂය

October 1, 2019 at 4:17 pm | by emanisa.lk

සිංගප්පූරු ජාතිකයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අත්සනින් නිකුත් කර ඇති මුදල් නෝට්ටුවල වලංගුභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 වැනි වගන්තියේ 4.7 උපලේඛනවලට අනුව මෙම නීතී විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් බරපතල ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන අවධාරණය කළේය.

බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කර තිබූ නිසා එම අදහස අත්හළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සිංගප්පූරුවේ පුරවැසියකු ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් ශ්‍රී ලංකා මුදල් නෝට්ටුවල අත්සන් තැබීම නීතී විරෝධි බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහු දිවුරුම් දී නොමැති බවද මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

කොළඹ 07 විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස