2016 වසරට පසුව මතුව ඇති විශ්‍රාම වැටුප් ගැටලුව නැවත එම විශ්‍රාමා වැටුප ලබා දෙමින් විසඳන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි.
ඔහු පෙන්වා දුන්නේ රාජ්‍ය සේවක උසස්වීම් සහ මාරුවීම් කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවයි.
සමහරු වැඩ කරන්නේ නම් ගෙවන බවත් නැත්නම් නොගෙවන බවත් ප්‍රකාශ කළ ද රාජ්‍ය සේවකයන් සඳහා ජීවත් වීමට ප්‍රමාණවත් සාධාරණ වැටුපක් ලබා දීම රජයේ වගකීමක් බවයි, ඔහු අවධාරණය කළේ.
රාජ්‍ය සේවක වැටුප් එකවර විශාල මුදලකින් වැඩි කරන්නේ යැයි තමා නොපවසන නමුත් සෑම මාස 06කට ම වරක් වැඩි කරන ක්‍රමවේදයක් සකස් කරන බව ද අනුර දිසානායක ප්‍රකාශ කරයි.
ඒ, කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේ පැවැති සංවර්ධන නිලධාරී සමුළුව අමතමිනි.