සෑම පුරවැසියෙකුට ම හමුදා පුහුණුවක් දෙනවා….! විනයගරුක රටක් හදන්නේ එහෙමයි….! – ඇමැති වීරසේකර….

January 18, 2021 at 11:01 am | by emanisa.lk

වයස අවුරුදු 18ට වැඩි සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට මිලිටරි පුහුණුවක් ලබා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

ශ්‍රී ලංකාවේ විනයගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩනැඟීම මෙම පුහුණුව මගින් අපේක්ෂා කරන බවත් මෙවැනි ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මක කරන රටවල් විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.

ජනතාව මෙම යෝජනාව සහ මිලිටරි පුහුණුව පිළිබඳ කලබල නොවිය යුතු බවත් එමගින් ජනතාව තුළ ආත්ම විශ්වාසය මෙන් ම නායකත්ව ගුණාංග ද පෝෂණය කරන බව ද ඇමැති සරත් වීරසේකර අවධාරණය කළේ ය.

මෙම යෝජනාව ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කරන බව ද අද (18) හෙතෙම සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස