සෑම පවුලකම මාසික ආදායම රු. ලක්ෂයක් කරනවා…! – දිලිත්…

September 1, 2024 at 3:25 pm | by emanisa.lk

සර්වජන සන්ධාන ආණ්ඩුවක් යටතේ රටේ සෑම පවුලකම මාසික ආදායම රු. ලක්ෂයක් බවට පත්කරන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.

එය හුදු දේශපාලන පොරොන්දුවක් නොව එය සිදුකරන ආකාරය දින වකවානු සහිතව සිය උපායමාර්ගික වැඩපිළිවෙළ තුළ ඇතුළත් කොට ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

අසතුටින් වෛරයෙන් පිරුණු අනෙකාගේ ගේ ගිනි තබන මිනිසුන් සමග යම ලොවට මිස දියුණුව කරා යා නොහැකි බවත් ජනතාව ධෛර්යමත් කරමින් සතුට පිරුණු දැයක් නිර්මාණය කරමින් රට දියුණුුව කරා රැගෙන යාමට සූදානම් බවත් හෙතෙම සඳහන් කරයි.

පිරිපුන් සිවිල් සංවිධාන එකමුතුව මාතර පැවැත් වූ සමුළුවකට එකතු වෙමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *