සැහැල්ලු දුම්රිය අත්හිටුවීමෙන් මිලියන 5896ක වන්දියක් ගෙවන්න වෙයි…!

June 19, 2021 at 10:39 am | by emanisa.lk

පසුගිය රජය විසින් ජපාන සහන ණය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ සැහැල්ලු දුම්රිය ව්‍යපෘතිය අත්හිටුවීමට වත්මන් රජය තීරණය කළත් රුපියල් මිලියන 5,896ක මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වන්නේ, මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ ප්‍රසිද්ධ කර ඇති පසුගිය වසරේ රජයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාවෙන් ය.

විගණකාධිපතිවරයා අනාවරණය කර ඇත්තේ, රුපියල් මිලියන 5,896 ක මුදල සැහැල්ලු දුම්රිය ව්‍යපෘතියේ උපදේශන සේවා සඳහා ගෙවීමට සිදු ව ඇති බවය.

කෙසේ වෙතත් මේ මුදල් ප්‍රමාණය පසුගිය වසරේ රජයේ මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර නැතැයි ද විගණකාධිපතිවරයා සිය වාර්තාවේ අනාවරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *