සැලකිලිමත් වන්න! රස සහ සුවඳ නොදැනීම කොරෝනා ලක්ෂණයක්!

April 23, 2020 at 10:01 am | by emanisa.lk

රස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොරෝනා ආසාදිතයින් 200ක පිරිසක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

එම පර්යේෂණයට යොදාගත් ආසාදිතයින්ගෙන් සියයට 67කටම රස හා  සුවඳ නොදැනෙන බව නිරීක්ෂණය වී තිබේ.

මීට පෙර ලන්ඩන්හි සිදුකළ පර්යේෂණයකින් ද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස