සැරයන්ගේ අම්මා කියන්නේ බොරු…! ඔහු නිවාඩු ඉල්ලා නෑ…! රැකියාවේ පීඩනය නිසා මිනී මරන්නත් බෑ…! – මහජන ආරක්ෂක ඇමැති…

December 27, 2021 at 10:01 am | by emanisa.lk

රැකියාවේ මොනතරම් පීඩනය ආවත් හිතුමනාපේ මිනිමරන්න කිසිවකුටත් අයිතියක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික ) සරත් වීරසේකර පවසයි.

තිරුක්කෝවිල් පොලිසියේ දී පොලිස් සැරයන්වරයකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පොලිස් නිලධාරීන් සිව් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සැකකාර පොලිස් සැරයන් නිවාඩු ඉල්ලූ බවත් නිවාඩු නොදුන් නිසා දැඩි පීඩනය මැද මෙම මෙවැනි තත්ත්වයක් සිදුව ඇති බවත් ඔහුගේ මව කරන ප්‍රකාශය කළ ද සිදුකළ විමර්ශනයේ දී සැරයන්වරයා එවන් නිවාඩුවක් ඉල්ලා නොමැති බවට අනාවරණය වූ බව ද අමාත්‍යවරයා කීය.

රැකියාවේ මොනතරම් පීඩන ආව ද කිසිවකුටත් මිනීමරණ අයිතියක් නොමැති බවත්, මෙම සිද්ධියෙන් වටිනා ජීවිත හතරක් පොලිසියට අහිමි වී ඇති බවත් හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *