සැබෑ ප්‍රශ්නය සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් තෙල් ගැනීමයි…! ගම්මන්පිල ඔපෙක් රටවලින් තෙල් නොගන්නේ ඇයි…? – මහින්ද පතිරණ

June 13, 2021 at 5:30 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ තබා ඇති ෆේස්බුක් සටහනකි.

ඇත්ත ප්‍රශ්නය මගහැරීම
===================
පොදුජන පෙරමුණ චෝදනා කර ඇත්තේ ඉන්ධන මිළ වැඩි කරන තැනට කටයුතු කිරීම සඳහා ආණ්ඩුවට බල කළ බල ශක්ති අමාත්‍යාවරයාගේ නොහැකියාව ගැනයි.

එය මේ මොහොතේ ඉන්ධන මිළ වැඩි කිරීම යන කාරණයට පමණක් ලඝු කිරීම ප්‍රශ්නය තව දුරටත් මග හැරීමකි. විදුලි බලය හා බලශක්තිය යන අංශ දෙක ම රටක් ආර්ථිකව හා දේශපාලනිකව අස්ථාවර කළ හැකි වැදගත්ම අංශ දෙකකි.

පසුගිය අවුරුදු දෙක තුළ විදුලිබල අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශය වෙන වෙන ම මෙම අංශ දෙක වැඩිදියුණු කිරීමට කළ දේවල් සංසදනය කර බලන්න. බලශක්ති අමාත්‍යාංශය කිසිවක්ම කර නැත. කර ඇති එකම දෙය වන්නේ සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් ඉන්ධන ගෙනැවිත් ඒවා ලංකාවේ විකිණීමයි.

සෞභාග්‍ය දැක්මට අනුව එය එසේ සිදුවිය යුතුද? මෙම වැදගත් බලශක්ති අංශය රටට හිතකර ලෙස ප්‍රතිසංස්කරණය සඳහා පියවර ගැනීමට කටයුතු කළ යුත්තේ අමාත්‍යවරයා හැර අන් කවරෙක්ද?

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස