රට තුළ ඇති සහල් සංචිතය ලබන සැප්තැම්බර් මාසය තෙක් ප්‍රමාණවත් වනු ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසයි.
ඔහු කියා සිටියේ මහ කන්නයේ අස්වනු නෙලීම සිදුවන තෙක් ජනතාවට අවශ්‍ය සහල් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට සිදුවන බවයි.
සාමාන්‍යයෙන් මහ කන්නයෙන් ලැබෙන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 18 ක් වන තඅර එය මාස 09 කට ප්‍රමාණවත් වෙයි. යල කන්නයෙන් ලැබෙන සහල් ප්‍රමාණය ද සමග සාමාන්‍යයෙන් වර්ෂයක් තුළ අතිරික්ත සහල් තොගයක් ශ්‍රී ලංකාව තුළ ඉතිරි වෙයි.
එහෙත් මෙවර මහ කන්නයේ අස්වැන්න සියයට 40 -50 ත් අතර අගයකින් අඩුවීම සහ යල කන්නයේ අස්වැන්න ඊටත් වඩා අඩුවේ යැයි සිදුකර ඇති පුරෝකතනයන් හේතුවෙන් රටේ සහල් සංචිත පිළිබඳ මේ වන විට පවතින්නේ දැඩි අර්බුදයකි.