සැප්තැම්බර් වෙද්දී වසංගතය තවත් දරුණු වෙනවා…! අපි කාටවත් මරුවගෙන් ගැළවෙන්න බෑ…! – රාජිත….

August 11, 2021 at 10:51 am | by emanisa.lk

ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය යන පිරිසෙන් 75%ක වගකීම ගතයුත්තේ කොවිඩ් කාර්ය සාධක බලකාය බවත් එම මරණ වළක්වාගත හැකිව තිබූ බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

මෙම වසංගය නිසා ඉදිරියේ දී මිය යන පිරිස පිළිබඳ වෛද්‍යවරුන් පවසන සංඛ්‍යා ලේඛන තමා හෙළි නොකරන බවත් අප කිසිවෙකුට ඉන් ගැළවිය හැකි ද යන්න ගැටලුවක් බවත් රාජිත සේනාරත්න සඳහන් කරයි.

දවසකට 200ක් ආදාහනාගාර ඉදිකිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ඔහු අනාවැකි පළ කළේ ය.

වසංගත පාලනය පිළිබඳ සෞඛ්‍ය අංශ වෙනුවට දේශපාලකයින් තීන්දු තීරණ ගැනීම නිසා රටට මේ තත්ත්වය උදා වූ බවත් රාජිත සේනාරත්න සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *